කාලගුණය

වියලි කාලගුණය වෙනස් වේ – ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි

පැවති වියලි කාලගුණය වෙනස් කරමින් අද (03) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව අනුව, පස්වරු 2.00ට පසුව දිවයිනේ බොහෝ ස්ථානවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.

එසේම නැගෙනහිර පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත් සමඟ වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button