විදෙස්

ඉරාන අර්බුදය හමුවේ “බරෑරුම්ව ක්‍රියා කරන්න” – ට්‍රම්ප්ට මැක්‍රොන්ගේ දැඩි විවේචන

 

ඉරානය සම්බන්ධ වත්මන් අර්බුදය හමුවේ යුද්ධය පිළිබඳව බරෑරුම් සහ වගකීම්සහිත ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින අතරතුර මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෙය සරල ප්‍රදර්ශනයක් නොවන බව අවධාරණය කළ මැක්‍රොන් ජනාධිපතිවරයා, යුද්ධය සහ සාමය සම්බන්ධයෙන් ගන්නා තීරණ මිනිස් ජීවිත සමඟ සෘජුව සම්බන්ධ වන බැවින් ඒවා ඉතා ගැඹුරු වගකීමකින් යුතුව සලකා බැලිය යුතු බව පැවසීය.

එමෙන්ම, මෙම අර්බුදය පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා බරෑරුම්ව ක්‍රියා කිරීමට කැමති නම්, දෛනිකව පරස්පර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකිය යුතු බවද ඔහු පෙන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මැක්‍රොන්ගේ මෙම ප්‍රකාශය එල්ල වී ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් මැදපෙරදිග තත්ත්වය පිළිබඳව නිකුත් කළ වෙනස්වන අදහස් පදනම් කරගෙනය.

විවිධ අවස්ථාවලදී එම පරිපාලනය සටන් විරාමයක් ආසන්න බව, යුද්ධය ජයග්‍රහණය කර ඇති බව හෝ එක්සත් ජනපදය සටනට එක්විය හැකි බවට වාර්තා පළ කර තිබේ.

මෙවන් තත්ත්වයක් තුළ දෛනික ප්‍රකාශ නිකුත් කිරීම වෙනුවට, තත්ත්වය සන්සුන් වීමට අවකාශ ලබාදීම වැදගත් බවද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button