ප්‍රධාන පුවත්

ගාල්ලේ තෙලිකඩ ප්‍රදේශයේ ද්විත්ව ඝාතනයක් – පවුල් ආරවුලක් මත සිදු වූ බවට සැක

ගාල්ල, තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, උදෑසන 6.00ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි. තුවාල ලැබූවන් රෝහල් ගත කළද එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා බව අනාවරණය වී තිබේ.

ඒ අතර තුවාල ලබා රෝහල් ගත කර ඇති මිණිපිරියගේ දියණිය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇයගේ එක් අතක් ද වෙන්වී ඇති බවට පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මියගිය කාන්තාවගේ අනෙක් දියණියගේ සැමියා බව හඳුනාගෙන තිබේ. එම දියණිය විදේශ රැකියාවක් සඳහා ඉතාලියේ පදිංචිව සිටින බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු හිටපු හමුදා සෙබළෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

පොලීසිය අනුව, පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට සැක පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය විසින් ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇති අතර, තෙලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.පී.ජී. සරච්චන්ද්‍ර මහතා විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරගෙන යයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button