උණුසුම් පුවත්

චමිත්‍රිට ඇප

අද දින (6) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය ඇප මත මුදාහැරීමට අධිකරණයට නියෝග කර තිබේ.

 

එතුමිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට අද (06) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර ඇත.

 

ගරු මහේස්ත්‍රාත්වරයා විසින් එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කළ බව වාර්තාවේ.

 

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට ගෙන තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button