
ප්‍රධාන පුවත්
ආනන්ද පාලිත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට
ආනන්ද පාලිත මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට රැගෙන විත් තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන ඔහු මෙලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.
ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනුණේ ඛනිජ තෙල් සංස්ථාවේ අතිකාල දීමනා විමර්ශනයකට අදාළවයි
ආනන්ද පාලිත මහතා ඊයේ (16) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත මහතා ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට රැගෙන විත් ඇත.



