
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය: බලංගොඩ කස්සප හිමිට ඇප
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළ චෝදනා දෙකටම සමාව අයැදීමෙන් පසු අධිකරණයෙන් තීරණයක්
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාව මත උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.
මීට පෙර අධිකරණය විසින් ලබාදී තිබූ කොන්දේසි සහිත ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුර විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවටද බලංගොඩ කස්සප හිමියන්ට චෝදනා එල්ල වී තිබුණි.
කෙසේ වෙතත්, සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි උන්වහන්සේ අදාළ වැරදි දෙක සම්බන්ධයෙන්ම සමාව අයැද සිට තිබේ.
එම සමාව අයැදීම සැලකිල්ලට ගනිමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය අධිකරණය මෙලෙස නියෝග කර ඇත.



