උණුසුම් පුවත්

රඹෑව බස් රථ අනතුරින් මියගිය ගණන 5ක් දක්වා ඉහළට – 50කට තුවාල

ඒ-9 මාර්ගයේ අනුරාධපුරය සහ මැදවච්චිය අතර රඹෑව ප්‍රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබේ.

රඹෑව බස් රථ අනතුරින් 50කට ආසන්න පිරිසකට තුවාල

අද (09) පෙරවරුවේ රඹෑව – වැලිඔය මංසන්ධිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ඊට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සම්බන්ධ වී ඇත.

පොලීසිය සඳහන් කරන පරිදි පළමුව ලංගම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති අතර, පසුව එම බස් රථ දෙකෙහි පෞද්ගලික බස් රථයද ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

රඹෑව බස් රථ අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අනතුර පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button