ප්‍රධාන පුවත්

අල්ලස් කොමිසමේ සරණ ගුණවර්ධනට එරෙහි පෙත්සම පෙත්සම විභාගයට දින නියම කරයි

සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් කොමිසමේ පෙත්සම විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

සරණ ගුණවර්ධනට එරෙහි පෙත්සම පෙබරවාරි 10 වැනිදා යළි කැඳවයි

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනාවකට අදාළ නඩුවකින් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අදාළ පෙත්සම අද (10) අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.

මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින සරණ ගුණවර්ධන මහතා ද සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ කර තිබුණි.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන පෙබරවාරි මස 10 වනදා කැඳවීමට නියෝග කළේය.

සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පැවති දූෂණ චෝදනා නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය මීට පෙර තීරණය කර තිබුණි.

එම තීරණය නීතිමය වශයෙන් අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button