ප්‍රධාන පුවත්

ගම්පහ ඔස්මන් නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන්ඩ් ගුණසේකර ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ගම්පහ ඔස්මන් රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය අද (09) ලබා දී ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින ඔස්මන්ඩ් ගුණසේකර රැඳවුම් නියෝග යටතේ දින 180කට ආසන්න කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබේ.

එම රැඳවුම් කාලය අවසන් වීමෙන් පසුව සැකකරු අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button