ව්‍යාපාරික

2026 පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.29ක් – 26.5%ක වර්ධනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.294ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ දත්ත උපුටා දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම අගය 2025 වසරේ ඒම කාලසීමාවේ ලැබුණු ඩොලර් මිලියන 1,815 සමඟ සැසඳීමේදී සියයට 26.5ක වර්ධනයක් බවයි.

මාස අනුව විමසූ විට, 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 751ක්, පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 729ක් සහ මාර්තු මාසයේදී ඩොලර් මිලියන 815ක් ලෙස ප්‍රේෂණ ලැබී ඇත.

මෙම වර්ධනයට හේතු ලෙස රජයේ මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය වැඩි වීම, විනිවිදභාවය වර්ධනය වීම සහ නීතිගත මාර්ග හරහා මුදල් යැවීමට විගමනික ශ්‍රමිකයන් උනන්දු කිරීම යනාදිය හඳුනාගෙන තිබේ.

ඒ අතරතුර, 2026 ජනවාරි සිට මාර්තු අවසානය දක්වා ශ්‍රී ලාංකිකයන් 62,145 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද එම කාර්යාංශය සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button