
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ රැඳවුම් කාලය පැය 48කට සීමා කරයි
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ රැඳවුම් කාලය පැය 48ක් දක්වා අඩු කිරීමට සංශෝධනය කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත යටතේ සැකකරුවෙකු රඳවා තබාගත හැකි කාලසීමාව පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට නියමිතය.
මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා විසින් අදාළ සංශෝධනය පිළිබඳව අධිකරණයට කරුණු දක්වා තිබේ.
මේ අතර, එම පනත් කෙටුම්පතේ පච්ච සහ සලකුණු සම්බන්ධයෙන් ඇතුළත් කර තිබූ ප්‍රතිපාදන ඉවත් කරගැනීමටද නීතිපතිවරයා තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
ඊට අමතරව බරපතළ අපරාධයකට අදාළ නඩු විභාගයකදී කිසියම් කරුණක් ප්‍රසිද්ධ කිරීමට පෙර අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට සඳහන් කර තිබූ වගන්තියද ඉවත් කරගන්නා බව නීතිපතිවරයා දන්වා තිබේ.
අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම සංශෝධන පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



