උණුසුම් පුවත්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ CCIBයට පැමිණෙයි

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත පැමිණ තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස CCIBයට පැමිණ ඇති බව වාර්තා වේ.

සුගීෂ්වර බණ්ඩාර මහතා මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button