උණුසුම් පුවත්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කෙරේ – පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කිරීමත් සමඟ තත්පරයකට ඝන අඩි 4,100ක ජලයක් මුදාහැරේ

ඒ අනුව මේ වන විට ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 4,100ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට මුදාහරිමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය සහ ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය අනුව විවෘත කර තබන වාන් දොරටු සංඛ්‍යාව වෙනස් විය හැකි බවද සඳහන් වේ.

එබැවින් දැදුරු ඔය පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button