ප්‍රධාන පුවත්

වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

වරුණි බෝගහවත්ත යළි රිමාන්ඩ් – ලබන 20 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙලෙස ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මෝටර් රථයක් මිලදී ගැනීම සහ එහි කල්බදු වාරික ගෙවීම සඳහා මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම මෙම සිද්ධියට අදාළ විමර්ශනවලට හේතු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම ඇය සතුව තිබූ නවීන මෝටර් රථයක් ද පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබුණි.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම විමර්ශන සිදුකර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button