උණුසුම් පුවත්

ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට ඇප – අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිෂ් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

 

නාමල් රාජපක්ෂ මහතාගේ මව සහ පියා බරපතළ රෝගී තත්ත්වයෙන් පසුවීම විශේෂ කරුණක් ලෙස සලකා ඔහුට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

 

කෙසේ වෙතත්, එම ඇප ඉල්ලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විරෝධය පළ කර තිබේ.

 

දෙපාර්ශ්වය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

 

කොළඹ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමට බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button