ප්‍රධාන පුවත්

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම් විභාගයට දින නියම වෙයි

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

 

ඒ අනුව අදාළ පෙත්සම් ලබන වසරේ පෙබරවාරි මස 09 වැනිදා විභාගය සඳහා කැඳවීමට අධිකරණය නියෝග කළේය.

 

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර තීරණය කර තිබුණි.

 

එම ඇප ලබාදීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සම් ගොනු කරනු ලැබීය.

 

අදාළ පෙත්සම් අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.

 

ඒ අනුව, පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ලබන නොවැම්බර් මස 14 වැනිදාට පෙර ඒවා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට අධිකරණය නියම කළේය.

 

එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ලබන ජනවාරි මස 28 වැනිදාට පෙර ගොනු කරන ලෙස අල්ලස් කොමිසමට ද නියෝග කර ඇත.

 

මෙම කරුණු අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගය ලබන පෙබරවාරි 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button