ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇත.

මෙම තීරණයත් සමඟ සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ කටයුතු අවසන් කිරීම සහ නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වන නිලවරණය අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරා තිබේ.

ඒ අනුව, සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් කාර්යයන් ඉටු කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව, අමාත්‍යාංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කිරීම පසුගිය ඔක්තෝබර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button