
කුවේට්හිදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මරුට
කුවේට්හිදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති අතර, එම මරණ සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබේ.
එරට ‘අරාබි ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇති පරිදි, මියගිය කාන්තාවන්ගෙන් එක් අයෙකුගේ සිරුර අලි සබා අල්-සලීම් ප්‍රදේශයේ නිවසක ඉහළ මහලේ පිහිටි ගබඩා කාමරයක තිබී සොයාගෙන ඇත. ඇය 1988 වසරේ උපත ලැබූ කාන්තාවක බව වාර්තාවේ සඳහන් වේ.
සිද්ධිය පිළිබඳ තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව අහ්මදි මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශය දැනුවත් කර තිබේ. මෙම මරණය සැකකටයුතු එකක් ලෙස සලකා, මළසිරුර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත. මරණයට හේතු වූ කරුණු අනාවරණය කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ අංශය වෙතද සිද්ධිය යොමු කර තිබේ.
මේ අතර, අනෙක් ශ්‍රී ලාංකික කාන්තාවගේ මරණය අල්-නහ්දා ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. 1999 වසරේ උපත ලැබූ ඇයගේ මළසිරුරද ජහ්රා මහජන පැමිණිලි මෙහෙයුම් කාර්යාංශයේ උපදෙස් මත වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.
කාන්තාවන් දෙදෙනාගේ මරණවලට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයක් වාර්තා වී නොමැති අතර, සිදුවීම් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ.



