
ප්‍රධාන පුවත්
සවස 6.30 වන විට විදුලිය යථා තත්ත්වයට
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද සවස 6.30 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ දිවයිනේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීමෙන් පසු සමස්ත විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි.
ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවද එම සමාගම අවධාරණය කර තිබේ. පවතින තත්ත්වය හමුවේ ගල් අඟුරු බලාගාරය පමණක් නියමිත ක්‍රියාපටිපාටියට අනුව ක්‍රියා විරහිත කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බැවින්, අද පස්වරුව වන විට සමස්ත පද්ධතියේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.



