ප්‍රධාන පුවත්

දිස්ත්‍රික්ක රැසක නායයාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, අදාළ නිවේදනය හෙට (18) පස්වරු 6.00 දක්වා බලාත්මක වේ.

අවධානයෙන් සිටින්න – දෙවන මට්ටම (ඇම්බර්)

නුවරඑළිය දිස්ත්‍රික්කය: මතුරට, වලපනේ, හඟුරන්කෙත සහ නිල්දණ්ඩාහින්න.

රත්නපුර දිස්ත්‍රික්කය: ඇලපාත, කුරුවිට සහ රත්නපුර.

කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, අරණායක, මාවනැල්ල සහ යටියන්තොට.

බදුල්ල දිස්ත්‍රික්කය: හපුතලේ සහ පස්සර.

මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට.

විමසිලිමත්වන්න – පළමු මට්ටම (කහ)

කෑගල්ල දිස්ත්‍රික්කය: රුවන්වැල්ල, කෑගල්ල, දෙහිඕවිට, රඹුක්කන සහ වරකාපොල.

කුරුණෑගල දිස්ත්‍රික්කය: රිදීගම.

මහනුවර දිස්ත්‍රික්කය: හතරලියද්ද, තුම්පනේ, පන්විල, උඩුනුවර, දෙල්තොට, යටිනුවර, උඩපළාත, හාරිස්පත්තුව, උඩුදුම්බර, අකුරණ, පූජාපිටිය සහ මැදදුම්බර.

මාතලේ දිස්ත්‍රික්කය: අඹන්ගඟ කෝරලේ, උකුවෙල සහ මාතලේ.

රත්නපුර දිස්ත්‍රික්කය: අයගම, ඇහැලියගොඩ, වැලිගෙපොල, කලවාන, ඉඹුල්පේ, නිවිතිගල, කොලොන්න සහ බලන්ගොඩ.

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව.

නායයාමේ අවදානමක් පවතින ප්‍රදේශවල ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් සැලකිලිමත් විය යුතුය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button