ක්‍රීඩා

හයි ඔක්ටේන් ක්‍රිකට් නෙට්ස් විවෘතයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සංවර්ධනයට නව දායකත්වයක් ලබාදෙමින් හයි ඔක්ටේන් ෆිට්නස් ආයතනය විසින් නවතම Indoor Cricket Nets පහසුකම් මධ්‍යස්ථානය අද දින විවෘත කරනු ලැබීය.

 

මෙම නව ව්‍යාපෘතිය හයි ඔක්ටේන් ෆිට්නස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වන Mr. Bandula Weerasinghe, Miss Ashanthi Weerasinghe, Mr. Darin Weerasinghe සහ Mrs. Tashali Weerasinghe යන මහත්ම මහත්මීන්ගේ සුරතින් සුබ මොහොතින් ආරම්භ කෙරිණි.

 

ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ Mahela Jayawardena මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මෙම සංකල්පය වෙනුවෙන් දායක වූ සියලු දෙනාට සුභ පැතුම්. High Octane කියන්නේ අනාගතයේදී High-impact ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිකරන තැනක්. මම ලෝකය වටේම පුහුණු කරලා තියෙනවා, නමුත් මම නිතරම එන තැන් වලින් එකක් මේක වේවි.”

 

ක්‍රීඩකයන්ගේ පුහුණුව සහ ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීමේ අරමුණින් ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය තුළ පහත පහසුකම් ඇතුළත් වේ.

  • Workstations 300කින් සමන්විත නවීන ජිම් පහසුකම්

  • Recovery Unit – Ice Bath, Cold Plunge, Physiotherapy සහ Massage සේවා

  • වෘත්තීය මට්ටමේ Indoor Cricket Nets පහසුකම්

මේ අතර උත්සවයට එක් වූ සෙසු ආරාධිත අමුත්තන්ද සිය අදහස් පළ කළහ.

Mahela Jayawardena මහතා පැවසුවේ,

“මේ සංසදය නිර්මාණය කිරීම ගැන සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායක වීම ගැන හැමෝටම සුභ පැතුම්.”

 

 

 

 

 

Julian Wood සඳහන් කළේ,

“‘High Octane’ ගැන කතා කරනකොට, අපි කතා කරන්නේ මෙතනින් බිහිවෙන High-impact ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන කියලයි මම විශ්වාස කරන්නේ. මම ලෝකය පුරාම පුහුණු කරලා තියෙනවා, හැබැයි නිතරම එන්න කැමති තැන් වලින් එකක් මේක වේවි.”

Nuwan Soysa මහතා ප්‍රකාශ කළේ,

“ක්‍රිකට් බෝඩ් එකට දෙවෙනි නැති තරම් හොඳ ඉන්ඩෝ ක්‍රිකට් නෙට්ස් පහසුකමක් තමයි අපි මෙතන හදලා තියෙන්නේ. ඉතින් වයස ඕනම කෙනෙකුට, ඕනම මට්ටමේ ක්‍රීඩකයෙකුට මෙතන පුහුණුවීම් කරන්න පුළුවන්.”

 

ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරපුරක් බිහිකිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ මෙම පහසුකම් මධ්‍යස්ථානය, දේශීය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පරිසරයක් ලබාදෙන වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button