උණුසුම් පුවත්

දැදුරුඔය වාන් දොරටු හතරක් විවෘත කරයි

දැදුරුඔය වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව, එම වාන් දොරටු හරහා තත්පරයකට ඝන අඩි 5,600ක ජල ප්‍රමාණයක් පහළට මුදාහරිමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) සඳහන් කර තිබේ.

ජලාශයේ ඉහළ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් ඉදිරි පැය කිහිපය තුළ වාන් දොරටු විවෘත කර ඇති ප්‍රමාණය වැඩි කිරීමට සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවල දෙපස ජීවත් වන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන්ම අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button