
අද විශේෂ
මාලදිවයින් ජනපතිගේ සංචාරය නිමවෙද්දී වියට්නාම ජනපති අද දිවයිනට
කලාපීය රාජ්ය සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්රී ලංකා සංචාරය අවසන් වීමත් සමඟ වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා අද (07) රාත්රී නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔහු සමඟ දූත පිරිස 200කට ආසන්න පිරිසක් මෙම සංචාරයට එක්වන බව වාර්තා වේ.
වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ආර්ථික සහයෝගීතා පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂා කෙරේ.
මේ අතර, ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් අද සහ හෙට කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේය.








