
ප්රධාන පුවත්
යෝෂිතගේ නාවික හමුදා වැටුප ගැන අධිකරණයේදී හෙළිදරව්වක්
යෝෂිතගේ නාවික හමුදා වැටුප ලෙස රුපියල් 5,150,626ක පමණ මුදලක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.
එහිදී සාක්ෂි ලබාදුන් නාවික හමුදා නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාලය තුළ අදාළ වැටුප් මුදල ගෙවා තිබූ බවයි.
කෙසේ වෙතත්, එම මුදලට දීමනා ඇතුළත් නොවන බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.



