
විශේෂාංග
ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ හොඳම වෙරළ තීරය ලෙස පෙරමුණට
ආරුගම්බේ වෙරළ තීරය 2026 වසර සඳහා ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරයන් අතර පළමු ස්ථානයට පත්ව තිබේ.
කොන්ඩේ නාස්ට් ට්‍රැවලර් රීඩර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ආරුගම්බේ මෙලෙස ආසියාවේ ප්‍රමුඛතම වෙරළ තීරය ලෙස තේරී පත්ව ඇත.
ලොව පුරා සර්ෆින් ක්‍රීඩකයන්ගේ ආකර්ෂණය දිනාගත් ගමනාන්තයක් වීම ආරුගම්බේ වෙරළ තීරයට මෙම පිළිගැනීම හිමිවීමට ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් වේ.
මේ අතර, අදාළ සමීක්ෂණයේ ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීරයන් තුනක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව බෙන්තොට වෙරළ තීරය නවවැනි ස්ථානයටත්, තංගල්ල වෙරළ තීරය 14 වැනි ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය 19 වැනි ස්ථානයටත් පත්ව තිබේ.



