කාලගුණය

ප්‍රබල අකුණු අවදානමක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු අවදානම හේතුවෙන් පළාත් පහකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (15) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16) අලුයම 1.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට මෙන්ම කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

අදාළ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රියේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන් කර තිබේ.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button