ප්‍රධාන පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව තිබේ.

කථානායකවරයාට එරෙහිව චෝදනා 49ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින්, කථානායකවරයා එම ධුරයේ තවදුරටත් රැඳී සිටීමට නුසුදුසු බව විපක්ෂය පෙන්වා දෙයි.

එමෙන්ම, තම පක්ෂය විසින් මීට පෙර ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්න සහ යෝජනා සාධාරණ හේතු දැක්වීමකින් තොරව කථානායකවරයා ප්‍රතික්ෂේප කළ බවට සමගි ජන බලවේගය චෝදනා කර තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඊයේ (8) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ විය. එහි පළමු අත්සන සජිත් ප්‍රේමදාස මහතා විසින් තබනු ලැබීය.

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත මෙම යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button