
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රෝහලෙන් පිටවීමට අවසර
සුරේෂ් සලේ මහතාට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා අවසන් කර පිටව යා හැකි බව වෛද්‍ය කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සහ විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙකු වන සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දසදෙනෙකුගෙන් සමන්විත කමිටුව විසිනි.
ඒ අනුව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේ මහතා අද පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කරන බවය.



