ප්‍රධාන පුවත්

ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමක්

ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම්පතක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අයදුම්පත ඉදිරිපත් කර ඇත්තේ “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඇය සිය අපේක්ෂිත ඇප අයදුම්පත මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button