ප්‍රධාන පුවත්

විදුලි උත්පාදනයට දැවිතෙල් ටොන් 30,000ක් රැගත් නෞකාව දිවයිනට පැමිණෙයි

විදුලිබල උත්පාදනය සඳහා අවශ්‍ය දැවිතෙල් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟා වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 30,000ක දැවිතෙල් තොගයක් රැගත් මෙම නෞකාව ඊයේ (12) පස්වරුවේ දිවයිනට පැමිණ ඇති බවයි.

එම නෞකාවේ ඇති දැවිතෙල් තොගය මේ වන විට කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කර ඇති අතර, එය විදුලි උත්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැදගත් වනු ඇතැයිද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button