
උණුසුම් පුවත්
ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට
ඥානසාර හිමියන් පොලිස් අත්අඩංගුවට
අධිකරණ වරෙන්තුවක් මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලීසිය විසින් තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී තිබූ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.



