
යුද්ධ සහ ගැටුම්
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ලෙබනනයේ 6ක් මරුට
ලෙබනනයේ බේරූට් නගරය ආසන්නයේ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, බේරූට් ප්‍රදේශයේ පිහිටි මුරපොලක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති අතර, මියගිය අය අතර වෛද්‍යවරුන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 45ක සටන් විරාමයක් ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම ප්‍රහාරය සිදුවීම විශේෂ අවධානයට ලක්ව තිබේ.
මේ අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පැවති අස්ථාවර සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි.
එම එකඟතාවය ලබාගෙන ඇත්තේ වොෂින්ටන්හිදී පැවති දෙදින සාකච්ඡා මාලාවකින් අනතුරුව බවද විදෙස් වාර්තා සඳහන් කරයි.



