
ප්‍රධාන පුවත්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්
කුකුළු මස් හා බිත්තර මිල ඉදිරි උත්සව සමයේදී ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු ආනයනයට අවසර ලබාදීම ප්‍රමාද වීම මෙම තත්ත්වයට බලපා ඇති බවය.
බඩඉරිඟු වෙනුවට සත්ව ආහාර සඳහා සහල් භාවිත කිරීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය වේගයෙන් පහළ යමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම බඩඉරිඟු හිඟය හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් සියයට 20ක පමණ පිරිසක් කර්මාන්තයෙන් ඉවත්ව ඇති බවද අජිත් ගුණසේකර සඳහන් කළේය.



