ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව ඉලක්ක කර ඉරාන නෞකා හට සම්බාධක පනවා නැහැ – විදේශ අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා හට සම්බාධක පැනවීමක් පිළිබඳ පළවන වාර්තා ගැන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා සඳහන් කර ඇත්තේ, ඉරාන නෞකාවලට සේවා සැපයීම සම්බන්ධයෙන් පළවන අමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) ශ්‍රී ලංකාව හෝ කිසියම් විශේෂ රටක් ඉලක්ක කර ගත් පියවරක් නොවන බවයි.

එය අමෙරිකා එක්සත් ජනපදයේ ලොව පුරා ක්‍රියාත්මක වන පුළුල් සම්බාධක ප්‍රතිපත්තියේ කොටසක් බවද ඔහු පැහැදිලි කර තිබේ.

අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකාවලට සේවා සපයන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් පවතින බව අමෙරිකාව අගෝස්තු 24 වැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇති බවද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එවැනි සම්බාධකවලට අදාළ නෞකා ඉන්දියානු සාගරයට පමණක් සීමා වී නොමැති බවත්, පවතින ගැටුම් සහ ඒවාට සම්බන්ධ භූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ලෝකයේ වෙනත් සාගර කලාපවලද එවැනි නෞකා පවතින බවත් විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button