ප්‍රධාන පුවත්

ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරයක

ජවිපෙ නියෝජිත පිරිසක් ඉන්දියා සංචාරයක නිරතව සිටින අතර, එම පිරිසට පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළත් වේ.

ඉන්දීය ජනතා පක්ෂයේ (BJP) ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන අතර, දෙරටේ දේශපාලන පක්ෂ අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ සංවිධානමය අත්දැකීම් හුවමාරු කර ගැනීම එහි අරමුණු අතරට ඇතුළත් බව වාර්තා වේ.

සංචාරය අතරතුර ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඇතුළු එරට දේශපාලන නායකයින් හමුවීමට නියමිතව තිබේ. එමෙන්ම BJP ජ්‍යෙෂ්ඨ නායකයින් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

මහජන කේන්ද්‍රීය පාලනය, රාජ්‍ය සේවා සහ සංවර්ධන අත්දැකීම් පිළිබඳ දෙපාර්ශ්වය අතර අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීමද මෙම වැඩසටහනට ඇතුළත් වේ.

ජවිපෙ නියෝජිත පිරිසගේ ඉන්දීය සංචාරය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 1 දක්වා ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button