
ප්‍රධාන පුවත්
රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැමරා ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක සේවය කරන කැමරා ශිල්පියෙකි.
ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී තිබුණි.
එම අවස්ථාවේදී එහි සිටි කැමරා ශිල්පියෙකු විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.



