
ප්‍රධාන පුවත්
සජබයෙන් කථානායකට විශ්වාසභංගයක්
සජබයෙන් කථානායකට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කර ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී ගත් තීරණයකට අනුව බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.
අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් ඇතුළත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



