විදෙස්

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයේ වෙඩි හඬක් – ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත් කරයි

වොෂින්ටන් නගරයේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬක් හේතුවෙන් කැලඹීමක් ඇතිව තිබේ.

මෙම අවස්ථාවට සහභාගීව සිටි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ භාර්යාව මෙලනියා ට්‍රම්ප් ඇතුළු පිරිස වහාම ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට ආරක්ෂක අංශ ක්‍රියා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, දැඩි ආරක්ෂාව යටතේ සිටි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

තවද, ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු පවසා ඇත්තේ, තුවක්කුවක් රැගෙන සිටි පුද්ගලයෙකු ආරක්ෂක ලෝහ අනාවරක පද්ධතිය හරහා ඇතුළු වීමට උත්සාහ කළ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button