ප්‍රධාන පුවත්

බැලුම්මහරෙන් සැකකාර මුදල් වංචනිකයෙක් අත්අඩංගුවට – ව්‍යාජ ලේඛනත් භාවිතා කරලා

ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (25) රාත්‍රියේ, යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේ ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙකු බව සඳහන්ය.

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ, විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් තවදුරටත් සිදු කරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button