සෞඛ්‍යය

ජලභීතිකා අවදානම ඉහළට – නිවසේ සුරතල් සතුන්ගෙන් බෝවීම් වැඩිවෙයි

මෙරට තුළ ජලභීතිකා රෝගය (Rabies) බෝවීම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. විශේෂයෙන්ම බළලුන් හා සුනඛයින්ගෙන් රෝගය පැතිර යාමේ ප්‍රවණතාව වැඩිවී ඇති බව සඳහන් වේ.

පසුගිය වසරේ මෙරටින් වාර්තා වූ ජලභීතිකා රෝගීන් අතර වැඩි පිරිසකට රෝගය බෝවී ඇත්තේ මහමඟ සිටින සුනඛයින් සපාකෑම නිසා නොව, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් සපාකෑම හේතුවෙන් බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

බල්ලන්, පූසන්, ලේනුන්, මුගටින් ඇතුළු සතුන් සපාකෑම මඟින් පැතිරෙන ජලභීතිකා රෝගය මාරාන්තික වෛරස රෝගයක් ලෙස සැලකෙන අතර, ප්‍රතිකාර නොලැබුණහොත් ජීවිතාන්තර අවදානමක් ඇති කරයි.

එසේම වාර්ෂිකව මෙරටින් සුනඛ සපාකෑම් 250,000 සිට 300,000 අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුරතල් සතුන්ට නිසි එන්නත් ලබාදීම සහ සුරක්ෂිත භාරකාරත්වය අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.

 

“ජලභීතිකා රෝගය සියයට සියයක් එය මාරාන්තික රෝගයක්. ලෝකයේ වුවද ඉතාම සුළු පිරිසක් තමයි ජලභීතිකා රෝගයෙන් දිවි ගලවා ගෙන තියෙන්නේ. බල්ලන්, පූසන්,නරි,ලේන්නු, දඬු ලේන්නු, උගුඩුවෝ, මුගටීන්, හරක්, අශ්වයින් මේ ඕනෑම සතෙක් සපා කෑමෙන් බෝ වෙන්න පුළුවන්” 

“සතුන්ගේ මොළය සාම්පල පරීක්ෂා කිරිමේදී බළලුන් අතර ජලභීතිකාව ඉහළ යාමක් තියෙනවා. බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම කොළඔ, ගම්පහ දිස්ත්‍රික්කවල බළලුන් සපා කෑම විශාල ලෙස ඉහළ ගිහින් තියෙනවා. බළලුන් සපා කෑම පිළිබඳව ඉතාම කල්පනාකාරී වෙන්න ඕනි. බළලුන්ගේ සීරීම සපා කෑම තරම්ම දරුණුයි” 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button