ප්‍රධාන පුවත්

22 සංශෝධනයෙන් ආණ්ඩුවේ බෙදීමක් ?

22 සංශෝධනයෙන් ආණ්ඩුවේ බෙදීමක් සුළු වශයෙන් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වූ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

ආණ්ඩුවක් ලෙස මෙතෙක් දෙකට බෙදී කටයුතු කර නොමැති බවත්, මෙම සංශෝධනය සම්බන්ධයෙන් පමණක් සුළු මට්ටමේ බෙදීමක් ඇති වූ බවත් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

එම තත්ත්වය පිළිබඳ ආණ්ඩුව දැනුවත්ව සිටින බව සඳහන් කළ ඔහු, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට තමන්ගේම ගණනය කිරීමක් ඇති බවද පැවසීය.

කෙසේ වෙතත්, විපක්ෂය මෙම තත්ත්වය දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා භාවිත කිරීමට උත්සාහ කළ බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button