ගොසිප්

ලෝකඩ පදක්කම අරන් රුමිර පියසිරි දිවයිනට

ඉන්දියාවේ කල්කටා නුවර පැවැත්වුණු 12 වන යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් රුමිර පියසිරි අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

ඉකුත් පළමුවැනිදා සිට හයවැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 50කින් පැමිණි සූපවේදී තරගකරුවන් සහභාගී වී සිටියහ.

මෙම තරගාවලිය සංවිධාන කර තිබුණේ ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය එක්වය.

ශිෂ්‍ය සූපවේදීන් වෙනුවෙන් පැවැත්වෙන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය ලෙස මෙය හැඳින්වීම ද විශේෂත්වයක් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button