
බුද්ධ ප්‍රථිමා වල රන් ඌර්ණ රෝමධාතු සොරකමේ ගිය දෙදෙනෙක් කොටුවෙයි
බුදු පිළිමවල රන් ඌර්ණ රෝමධාතු සොරාගත් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට
පුවත (සංස්කරණය කළ):
බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරාගත් බවට සැක පළවන පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 45ත් 50ත් අතර පසුවන දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.
ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයේ නළල කඩා, රනින් නිමවා තිබූ ඌර්ණ රෝමධාතුව සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව විහාරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර සිදු කළ විමර්ශනවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වූහ.
ඔවුන් දිවයින පුරා විහාරස්ථාන වෙත ගොස් බුදු පිළිමවල හිසට හානි සිදු කර රැස් කළ බවට සැක කෙරෙන උණුකර තිබූ රන් පවුම් 30ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස ලබාගත් රත්‍රං, කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශවල පිහිටි පෞද්ගලික රන් භාණ්ඩ අලෙවි ආයතනයක් වෙත ගොස් උණුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙම හොරකම් සඳහා භාවිත කළ ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.



