
ඖෂධ හිඟය වැළැක්වීමට සෑම රෝහලකම මසකට ඖෂධ සමාලෝචන රැස්වීමක්
රෝහල් තුළ අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කිරීම සඳහා සෑම රෝහලකම මසකට වරක් ඖෂධ සමාලෝචන රැස්වීම් පැවැත්වීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.
මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඖෂධ හිඟයක් ඇතිවීමට පෙර එවැනි අවස්ථා හඳුනාගෙන කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම සමාලෝචන රැස්වීම් මහත් වැදගත් බවද ඔහු සඳහන් කළේය. එමඟින් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකරමින් රෝහල්වල ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවද පෙන්වා දී ඇත.
රෝහල්වල අවශ්‍ය ඖෂධ ප්‍රමාණය නිතර පවත්වා ගැනීමට හැකි වුවහොත් ඖෂධ සම්බන්ධයෙන් මතුවන ගැටලු රැසකට ප්‍රායෝගික විසඳුම් ලබාදිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
තවද, වෛද්‍ය සැපයුම් අංශය මඟින් ක්‍රියාත්මක වන ඖෂධ සැපයුම් ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නිරන්තරයෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



