අද විශේෂ

අන්තර්ජාල මුදල් වංචාවක්-දෙදෙනෙකු අත්අඩංගුවට

අන්තර්ජාල ව්‍යාපාරයකින් ඉහළ ආදායමක් උපයාගත හැකි බව පවසමින් කාන්තාවකගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ ක්‍රියාත්මක පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකු සහ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙකු අයත් වේ.

විමර්ශන අනුව, ඔවුන් විසින් අදාළ කාන්තාව රවටා රුපියල් 6,105,600ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.

එම මුදලින් රුපියල් 1,500,000ක් සැකකරුගේ නමින් පැවති බැංකු ගිණුමකට වංචනිකව බැර කර ඇති අතර, පසුව එම ගිණුම නොදන්නා පාර්ශවයකට මුදලට අලෙවි කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන CID පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් සිදු කරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button