
උණුසුම් පුවත්
සරණ ගුණවර්ධනගේ බිරිඳ අත්අඩංගුවට
සරණ ගුණවර්ධනගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ අංක 11 මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම නඩුවේදී විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණ කාර්යාලයේ කාර්ය සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සරණ ගුණවර්ධනගේ බිරිඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



