
ප්රධාන පුවත්
මහවැලි ගඟ ආශ්රිත ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක්
මහවැලි ගඟ සුළු ගංවතුර අවදානමක්
මහවැලි ගඟ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් තවත් ප්රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව ගඟ ඉහළ කෝරළය, උඩපලාත, දොළුව, උඩනුවර, යටිනුවර, ගඟවටකෝරලය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් මෙලෙස අවදානමට ලක්විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, ප්රදේශයේ මාර්ග භාවිත කරන රියදුරන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.



