
ඉඩම් ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ජාතික වැඩසටහන අද ඇරඹේ – ආපදා සහන කඩිනම් කිරීමට උපදෙස්
අවසරපත්‍ර හා දීමනාපත්‍ර යටතේ ඉඩම් භුක්ති විඳින ජනතාවට පරම අයිතිය ලබාදීමේ ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ජාතික වැඩසටහන අද (27) අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙහි සමාරම්භක උත්සවය උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන අතර, පළමු අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500 දෙනෙකු වෙත නිදහස් ප්‍රදානපත්‍ර ප්රදානය කිරීමට සැලසුම් කර තිබේ.
අවසරපත්‍ර මත ඉඩම් භාවිතා කළ ගොවි ජනතාව ඇතුළු පිරිසට පරම අයිතිය නොමැතිවීම හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ඉදිරියේදී මෙය දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර, ‘දිට්වා’ සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු වේගවත් කරන ලෙස ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16වන සභා වාරයේ ප්‍රගති සමාලෝචනයේදී එම උපදෙස් ලබාදී ඇති අතර, වගකීම් භාර ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.
ආපදාවට ලක්වූ ජනතාවට නියමිත වන්දි හා දීමනා කඩිනමින් ගෙවීමත්, දීමනා නොලැබූ අයගේ අභියාචනා පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමත් සිදුකරන ලෙස ද උපදෙස් නිකුත් කර ඇත.



