
පාකිස්තාන ගුවන් ප්‍රහාර කාබුල්ට – දේශසීමා ගැටුම් විවෘත යුද්ධයක් දක්වා උත්සන්නයි
ඇෆ්ගනිස්තානය–පාකිස්තානය දේශසීමාවේ උත්සන්න වී ඇති ගැටුම් මධ්‍යයේ Pakistan Air Force විසින් කාබුල්හි පිහිටි Taliban මූලස්ථානයක් ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාර කාබුල්ට අමතරව Kandahar නගරයද ඉලක්ක කර ගෙන සිදුකර ඇති බව සඳහන් වේ.
ඇෆ්ගන් බලධාරීන් පවසන්නේ, පසුගිය ඉරිදා ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශවලට පාකිස්තානය එල්ල කළ මාරාන්තික ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊයේ (26) රාත්‍රියේ පාකිස්තානයේ හමුදා ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවයි. එහිදී පාකිස්තාන හමුදා මුරපොළ 10කට වැඩි ප්‍රමාණයක් තම ග්‍රහණයට ගත් බවද ඇෆ්ගන් පාර්ශවය කියා සිටී.
ඒ සඳහා ප්‍රතිචාර ලෙස අද (27) අලුයම Kabul හි තලේබාන් මූලස්ථානයට ගුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ අතර, තත්ත්වය දේශසීමා ගැටුමකට වඩා එහා ගිය විවෘත යුද්ධයකට හැරී ඇති බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.



