
හිරුණිකාට එරෙහි නඩුව ජනවාරි 25 දක්වා කල්යයි
හිරුණිකාට එරෙහි නඩුව ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හිරුණිකාට එරෙහි නඩුව ජනවාරි 25 දක්වා කල්යයි
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කුරුඳුවත්ත පොලිස් බලප්‍රදේශයේ මාර්ග අවහිර කරමින් වීදි නාට්‍යයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
හිරුණිකාට එරෙහි නඩුව ජනවාරි 25 දක්වා කල්යයි
අදාළ නඩුව අද (02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නඩුව ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
එදින වන විට නීතිපති උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දී තිබේ.



